Thursday, February 7, 2013

මෝඩයා !

මගේ හද තුල
කහ ඉරි පේලියක් ඇන්දෙමි..
නුඹට පහසුවෙන් එහා මෙහා යන්නට
හැකි වන සේ ....
 

නුඹ තවමත් වට රවුම තුල කැරකෙමින්..................!

Thursday, January 31, 2013

අපේ ඇත්තෝ !

කට කොනින් හිනාවෙන

සුදු පාට මුහුණු මැද...

හොරෙන් ඇස් කොනින් බලන

හිනා නැති,

ඇඹුල් මිදි කන,

දුඹුරු පාට මුහුණු..................

Wednesday, January 30, 2013

හිනා....

උගුරට හොරෙන් වයින් බොන

ගොඩ සුද්දෙක් දැක

බඩ පැලෙන්න හිනා වෙන

ඉගුරු දාපු

කහට කෝප්පයක්!!!