Wednesday, November 19, 2014

~අකමැත්ත~


වැඩක් නෑ
ඔක්සිජන් උනාට....
මම ...
හුස්ම ගන්නවා
කාබන්ඩයොක්සයිඩ් වලින්.........!!!!

Thursday, February 7, 2013

මෝඩයා !

මගේ හද තුල
කහ ඉරි පේලියක් ඇන්දෙමි..
නුඹට පහසුවෙන් එහා මෙහා යන්නට
හැකි වන සේ ....
 

නුඹ තවමත් වට රවුම තුල කැරකෙමින්..................!

Thursday, January 31, 2013

අපේ ඇත්තෝ !

කට කොනින් හිනාවෙන

සුදු පාට මුහුණු මැද...

හොරෙන් ඇස් කොනින් බලන

හිනා නැති,

ඇඹුල් මිදි කන,

දුඹුරු පාට මුහුණු..................

Wednesday, January 30, 2013

හිනා....

උගුරට හොරෙන් වයින් බොන

ගොඩ සුද්දෙක් දැක

බඩ පැලෙන්න හිනා වෙන

ඉගුරු දාපු

කහට කෝප්පයක්!!!

Sunday, August 26, 2012

ආදරේ....

අහස උසට තියෙනවා කිව්ව නුඹේ "ආදරේ" වැස්සට හේදිලාම දැන් හෙම්බිරිස්සාව හදාගෙන....................