Sunday, December 7, 2008

නුඹ රුව දැක..

4 comments:

jayantha colombage said...

සිතේ ස්වභාවය තමයි ඔය. මායාකාරී හිත හැමවිටම
එකම වස්තුව විවිධ අයුරින් වෙස් ගන්වයි.

jayantha colombage said...

මම පසුව දැක්කා ඔබ මගේ බ්ලොග් ලිපියකට පසු සටහනක් එක් කර තිබෙනවා මේ ලෙස...
"අප හමුවුනත් නොවුනත් කමක් නෑ
ජීවිතය සුන්දරයි සබද
විදිනු මිස හැමදාම සතුටින්
විදවන්නෙපා මොහොතකටවත් තනියෙන්.....

මෙහෙම කිවිවත් ජීවිතය කියන්නේ මොකක්ද කියලා තාමත් අපි හොයනවා.."
මා මෙහෙම ලිව්වට අමනාප වෙන්න එපා. ජීවිතය කිසිවිටෙක සුන්දර නැහැ. ඒක හිතේ තියෙන මායාවක් පමණයි.දුක් දේ සැප හිටියටත්,අනිත්‍ය දේ නිත්‍ය දේ හැටියටත්,අශුභ දේ ශුභ දේ හැටියටත් නිසරු දේ සරු දේ හිටියටත් මේ විජ්ජාකාර විඤ්ඤාණය අපට පෙන්වා දෙනවා.ඔය සුන්දරත්වය මොහෙතකින් නැතිවී ගිය විට දුකම හටගන්නවා. අනෙක් ජීවිතය සුන්දර නම් ජීවිතය කියන්නේ මොකක්ද කියා සෙවිය යුතු නැත. එහෙත් ජීවිතය සොයන්නේ සුන්දරත්වය ඉක්වමා යන අර්ථකතනයක් එයට අවශ්‍ය බැවින්ය.ජීවිතය යනු රූප,වේදනා,සංඥා,සංඛාර,විඤ්ඤාණ නම්වූ සැනයක් පාසා ඇතිවෙමින් නැතිවෙමින් යන සංස්කාර ධර්ම සමූහයකටය.කෙටියෙන් කිව්වොත් මේ පහ යනු දුකමය.දුක දුකක් හැටියට අවබෝධ කරන තුරු මේ සැපයයි අල්ලා ගන්නා සියලු දෙයින් අත්වන මහා දුක්ඛස්කන්ධයට යටවිය යුතු වෙනවා. කෙසේ වෙතත් දයාබර ඔබට සත්‍යය අවබෝධ වේවා යනු මගේ පැතුමයි.

Kanch said...

මගේ හිතට දැනුන සිතුවිල්ලක් ඒක ..ඔවි ඔබතුමා කිවිවා වගේ ජීවිතය සුන්දර නෑ.. ජිවිතය දුකක්.. ජීවිතය කියන්නේ මොකක්ද කියලා තාමත් මම හොයනවා .
අපි අපේ හිත් රවටගන්න එහෙම ලියනවා වෙන්න ඇති. ඔබ ලියන සටහන් හැම එකක්ම මම කියවනවා ඒ දේවල් වලින් ගොඩක් දැනුවත් වෙනවා. බෝහෝ පින්!!

jayantha colombage said...

ජීවිතය කියන්නේ මොකක්ද කියලා මම තාමත් හොයනවා.ඒ දයාබර ඔබේ වචන. ජීවිතය කියන්නේ හිස් දෙයක්. ඒ මගේ අවබෝධය. හැබැයි මේ හිස් බව දැකගන්න තුරු ජීවිතය වටිනවා.
එය දැකගත්තානං ඒ හිස් බවේ ඇති ශාන්තභාවයටත්
සුන්දරභාවයටත් ඔබ වශීවනු නොඅනුමානයි.දයාබර සොයුරිය...විනිවිද ගොස් මේ කඩතුරාව දැකගන්න ජීවිතය යනු ශුන්‍ය දෙයක් ලෙස. ඔබට මම සුභ පතනවා.